පොලිස් මාර්ග බාධාකයේ දි කුඩු පැකට් ගිල්ල හමුදා සැරයන්
මොරටුව එගොඩ උයන පොලිස් මාර්ග බාධකයේ දී පොලිසියට අසුවේ යැයි බියෙන් කුඩු පැකට් හතරක් ගිල දැමීමට උත්සහ කළ බව කියන යුද හමුදා සැරයන් වරයකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංඝනය වන ආකාරයට මාර්ගයේ ගමන් කරන පිරිස් පිළිබඳව සිදුකළ පරික්ෂාවේදී සැකකරු මාර්ග බාධකය පේන මානයේදී ඹහු පැමිනි ත්‍රි රෝද රථයෙන් බැස මාර්ග බාධකය මගහැරීමට උත්සහ කළ බව පොලිසිය කියයි.
එම ක්‍රියාව ගැන ඇති වු සැකය මත සැකකරු පරික්ෂා කළ අවස්ථාවේ එක වරම කුඩු පැකට් හතර ගිල දැමීමට ගත් උත්සහය පොලිස් නිලධාරින් එක්ව වැලකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දොඩංගොඩ ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව මේ වන විටත් සේවය කරන නිලධාරියකු බව පොලිසිය පවසයි.
එමෙන්ම,නොච්චියාගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්කුඩු මිලිග්‍රැම් දෙසීයක් සමග දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. මෙම පොලිස් කොස්තාපල්වරයා නොච්චියාගම පොලිසියට අනුයක්තව සේවය කර ඇති අතර පසුගියදා ඔහු විශේෂ රාජකාරි සදහා ඔයාමඩුව පොලිසියට මුදාහැර ඇත.
මත්කුඩු, ගංජා පානය සදහා ඇබ්බැහිවි සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා දුණුදඹුවැව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කාරයෙකු සමග සිටි අවස්ථාවේදි නොච්චියාගම පොලිසියේ නිලධාරින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබු මෙම අයිස් මත්කුඩු සොයා ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
