දිවයිනම ආවාරණය කරමින් පාසල් පද්ධතිය තුළ කරන්න යන දේ - ආයේ ළමයි ගැන බය වෙන්න දෙයක් නෑ දෙමව්පියන්ටත් පරීක්ෂණ කට්ටල
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවට සහභාගී වෙමින්.
එහිදී ඔහු උපදෙස් දී තිබුණේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී ඇති වැඩ කොටස සහ ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩ කොටස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට ඒ ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් ද වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම මෙහිදී බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව අනාවරණය කෙරුණු අතර දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කර තිබුණා.
ඒ අනුව පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියා.
එහිදී ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් 225ක් මේ වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති බවත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සමඟ සාකච්ඡා කර සිසුන් අතරින්ම කව ඇති කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් සඳහන් කර ඇත.
එමෙන්ම එහිදී පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන ආකාරයට සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බව සඳහන්.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරිමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබුණා.
තවද පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීමට විශේෂ සාකච්ඡාවක් කැඳවීමටද තීරණය කර ඇත.
එසේම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම මෙන්ම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පවතින ප්‍රමාදයන් මගහරවා ගැනීමට නීති ක්ෂේත්‍රයේ සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥ සහාය ලබා ගනිමින් පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට ද අවධානය යොමු කර ඇත.
ජනාධිපතිවරයා විසින් මෙහිදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සහ ඒවා නඩු භාණ්ඩ ලෙස රදවා ඇති ස්ථාන පිළිබඳ පිළිබඳ විධිමත් වාර්තාවක අවශ්‍යතාව පෙන්වා දුන් අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන තොග, රස පරීක්ෂක වාර්තා ලබා ගත් තොග සහ නඩු භාණ්ඩ ලෙස පවතින තොග ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද පෙන්වා දී ඇත.
එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර ඇති අතර, එය ද කඩිනමින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර දෙමව්පියන්ට දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් මඟින් පහසුවෙන් ලබාගැනීමට හැකි වන ආකාරයට වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම, සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවද මෙහිදී පුළුල් ආකාරයට සාකච්ඡා කර ඇත.
ඊට අමතරව මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීම වැළැක්වීමට නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර විශේෂයෙන්ම බෝට්ටු ඔස්සේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය නැවැත්වීම සහ එහිදී සිදුවිය යුතු නීති සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා ඇතුළු වාහන රාජසන්තක කිරීමේ නීතිමය බලතල ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබුණා.