රටම නොයිවසිල්ලෙන් ඉන්න නඩුව - රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

Report

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉකුත් ජූනි 25 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් නියෝග මත පසුවන ස්ථානයෙන් වෙනස් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අද(03) දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබුණා.

එසේම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ අද දින විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.  

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - පාරිභෝගික ජනතාවට සහනයක්

රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - පාරිභෝගික ජනතාවට සහනයක්