ඉතිහාසයේ දරුණුතම වසංගතය නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ අධි වසංගත තත්ත්වයක් දක්වා - දිවයිනටම රතු එළියක්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ විසින් ඩෙංගු රෝගීන්ගෙන් 22,000ක් ජුනි මාසේ වාර්තා වීම බරපතළ බවත් මේ වන විට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම් බවත් සඳහන් කළා.

එසේම නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මැයි ජුනි ජූලි වැනි මාසවලදී යම් ආකාරයක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට කලින් පුරෝකථනය කෙරුණු බවත් වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කර ඇත. සහකාර ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (02) දින රූපවාහිනී වැඩසටහනට එක්වෙමින්.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - මේ අයට විශේෂයෙන් බලපායි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - මේ අයට විශේෂයෙන් බලපායි

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩෙංගු වයිරස ව්‍යාප්තියේ කාණ්ඩ හතරක් තිබෙන බවත් ලංකා ඉතිහාසයේ දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වය 2017 වසරේ පැවති බවත් එය ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වයිරසය බවත් ය.

එසේම 2022 වර්ෂයේත් මේ දෙවැනි කාණ්ඩයේ වයිරස වර්ධනයක් පැවති බවත් මෙවරද එම තත්ත්වයම හටගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ,

''වර්ෂාවත් සමඟ මදුරු ඝනත්වය වැඩිවන බවත් ඒ සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. ඩෙංගු රෝගය පාලනය කරන්න පිළිගත් හොඳම ක්‍රමය තමයි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම. සරලව කීවොත් අප අවට පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි පරිශ්‍ර විනාශ කිරීම. මොන හේතුවක් මත හෝ මේ වෙලා තියෙන්නේ අධි වසංගත තත්ත්වයක් බවට පත්වීමයි. මේ වර්ෂයේ දැනට රෝගීන් 56,426ක් නිල වශයෙන් වාර්තා වෙලා තිබෙනවා. ඇත්ත සංඛ්‍යාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. බරපතළම තත්ත්වය තමයි රෝගීන්ගෙන් 22,000ක් වාර්තා වෙන්නේ ගිය ජුනි මාසේ. මැයි මාසේ 8,500යි. මේ රෝගීන්ගෙන් සියයට පනහක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒකත් බරපතළ කරුණක්. රෝගයට ගොදුරු වන බහුතරය රටේ ආර්ථිකයට දායක වන පිරිස. ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර ප්‍රදේශවල රෝගය බහුලව ව්‍යාප්ත වෙලා තිබෙනවා. දැනට මරණ 35ක් වාර්තා වෙලා. දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්. මීට සති තුනකට කලින් දෛනික රෝගීන් වාර්තාවීම 600 මට්ටමක් තිබුණේ නමුත් දැන් 1,000 ඉක්මවලා. ගිය වසරත් එක්ක බැලුවම මේක හතර ගුණයක වර්ධනයක්.'' 

කාලයක් තිස්සේ බලන් හිටපු උසස්වීම් එක්ක පඩිත් වැඩෙවෙන අද, ජූලි 3 ට අඳාළ දවසේ ලග්න පලාපල මෙන්න

කාලයක් තිස්සේ බලන් හිටපු උසස්වීම් එක්ක පඩිත් වැඩෙවෙන අද, ජූලි 3 ට අඳාළ දවසේ ලග්න පලාපල මෙන්න

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්