මේ දිනවල රට පුරා උඩුදුවන මත්ද්‍රව්‍ය ජාවාරම
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු හෙරෝයින් සහ කේරළ ගංජා සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවු: 36 ක පුද්ගලයකු වන මොහු ව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසකට අධික වටිනාකමකින් යුතු බවට යි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මේ අතර තීරුබදු නොගෙවා ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය, දුනගහ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 11,000ක් සොයා ගැනුණා.
මෙලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් හත්ලක්ෂ හැත්තෑ දහසකට වැඩි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
You May Like This Video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
