මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට ප්‍රදේශ කිහිපයකින්...දැඩි අවදානමක්
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවය.
අදාළ සැකකරු ගමන් ගත් මෝටර් රථය හා ඔහු සන්තකයේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් රුපියල් 289,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 11,000,000කට ආසන්න බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතරව රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් සමඟ 25 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් තොටලග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 18ක් සමඟ 54 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන ඇත.
ඒ අනුව ඊයේ (28) දිනය තුළ අත්අඩංගුවට ගත් හෙරොයින්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්න බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මීට අමතරව මත්ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1,100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මුද්දරවල තැවරු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 55 පමණ වන බවට ගණන් බලා තිබේ. 35 හැවිරිදි සැකකරු කොට්ටාව ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු සමඟ එක්ව විදේශ රටකින් ගෙන්වන ලද අදාළ මත්ද්‍රව්‍ය සහිත මුද්දර තොගය අලෙවි කිරීමට සුදානම් කර තිබු බව පොලිස් විශේෂ කාර්යය බළකාය පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
