කවුරුත් පුදුම කරමින් කෙසෙල් පෙට්ටි තුළ තිබූ නොසිතූ දේ..

By Sewvandhi Aug 26, 2023 11:52 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ, ස්පාඤ්ඤයේ මෙතෙක් සොයා ගත් විශාලතම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි.

එම කොකේන් තොගය කෙසෙල් පෙට්ටිවල අසුරා තිබියදීයි සොයා ගෙන ඇති අතර එහි කොකේන් ටොන් 9.5ක් තිබී ඇත.

මෙම කොකේන් තොගය ශීත කළ කන්ටේනරයක කෙසෙල් පෙට්ටියක සඟවා තිබී ඇති බවයි ස්පාඤ්ඤ පොලිසිය සහ රේගු නිලධාරීන් නිවේදනය කළේ. 

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉල්ලුම පහත වැටීමත් සමග අතිරික්ත වයින් විනාශ කිරීමට සහ නිෂ්පාදකයින්ට සහය වීමට ප්‍රංශ රජය යුරෝ මිලියන 200ක් වෙන් කර ඇති බවයි.

මෙලෙස වයින් විනාශ කර දැමීමට සිදුව තිබෙන්නේ වැඩි පිරිසක් craft beer පානය කරන බැවින් වයින් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඇතුළු වයින් කර්මාන්තයට පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන්.

අතිරික්ත නිෂ්පාදනය සහ ජීවන වියදම් අර්බුදය ද වයින් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. අතිරික්ත නිෂ්පාදනය කපා හැරීමේ උත්සාහයක් ලෙස, වයින් නිෂ්පාදනය කරන්නන් සඳහා ඔලිව් වැනි වෙනත් නිෂ්පාදන වෙත මාරු වීමට ප්‍රංශයේ රජය මුදල් ලබා දෙන බවයි සඳහන් වන්නේ.

කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau පවසන්නේ, කර්මාන්තයට මුදල් යෙදවීමේදී ප්‍රංශ ආණ්ඩුව විසින් වයින් නිෂ්පාදකයින්ට නැවත ආදායම් මාර්ග සොයා ගත හැකි වන ලෙස සහය විය යුතු බවයි.

ජූනි සිට ජුලි දක්වා යුරෝපීය කොමිසමේ දත්ත පෙන්නුම් කරන්නේ වයින් පරිභෝජනය ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% ලෙස පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.