හදිසියේම උතුරු කොරියාව ජපානය දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කරයි - ලොවම උණුසුම් කරමින් න්‍යෂ්ටික අවි ශක්තිමත් කරන කිම් ජෝන් උන්
උතුරු කොරියාව විසින් කොරියානු අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත.
අද (20) දින මෙම මිසයිලය එල්ල කර ඇති බවත් එය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටතට වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, උතුරු කොරියාව විසින් හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් එල්ල කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කර දිනකට පසුව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබීම විශේෂත්වයක් බවයි.
එමෙන්ම, අගෝස්තු 29 සිට සැප්තැම්බර් 10 දක්වා ගුවාම් ආසන්න මුහුදේදී අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක්ව පැවැත්වූ නාවික අභ්‍යාසයද උතුරු කොරියාව පසුගිය සතියේදී හෙළා දැක ඇත.
මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි
උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොං පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබුණේ, අමෙරිකාව ප්‍රමුඛ හමුදා අභ්‍යාස හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ ආතතීන් තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ කිසිදු වෙනසක් සිදු නොකරන බවටද ඇය ප්‍රකාශ කර ඇති බවයි.