යුද්ධේ නවත්තන්න ඕනේනම් මෙන්න කොන්දේසි 7ක් - ඉරානය හා ඇමරිකාව අතර ඇවිලෙන යුධ ගිනි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජනපදය සමග පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇති බවයි.

වාර්තා වන ආකාරයට මෙම කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ධවල මන්දිරයට දැනුම් දීමට ඉරානය බලාපොරොත්තු වී ඇත.

ඒ අනුව අදාළ කොන්දේසි මගින් සියලු පෙරමුණුවලින් යුද්ධය අවසන් කිරීම, තහනම් කරන ලද ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන වරායන් සඳහා අමෙරිකානු නාවික සම්බාධක ඉවත් කිරීම ඇතුළු කොන්දේසි 07ක් ආවරණය වේ.

නබිතුමාට අපහාස කළ වරදට මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් පෙරට - මුස්ලිම් මන්ත්‍රීවරුන්ව හා ජමීයතුල් උලමා සංගමය එක්කරගෙන සෞදි රජුට කතා කිරීමේ සූදානමක්

නබිතුමාට අපහාස කළ වරදට මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් පෙරට - මුස්ලිම් මන්ත්‍රීවරුන්ව හා ජමීයතුල් උලමා සංගමය එක්කරගෙන සෞදි රජුට කතා කිරීමේ සූදානමක්

වැඩිදුරටත් වාර්තා වෙන්නේ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කොන්දේසි 07ක් අමෙරිකාවට පනවා ඇති ඉරානය සඳහන් කරනුයේ යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නම් ඉරානයේ අයිතිවාසිකම් සහ කොන්දේසි පිළිගන්නා ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකාවට යුද්ධයෙන් නිදහස් වීමට නම් මෙම කොන්දේසි පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඉරානය පැවසූ බවයි.

බැසිල්ට මොකක්ද මේ වෙන්න යන්නේ? හදිසියේම බැසිල් රාජපක්ෂට INTERPOL නිල් නිවේදන නිකුත් කරයි

බැසිල්ට මොකක්ද මේ වෙන්න යන්නේ? හදිසියේම බැසිල් රාජපක්ෂට INTERPOL නිල් නිවේදන නිකුත් කරයි