මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

Report

ඇමරිකා එක්සත් ජනපදය විසින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතාට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත යෑම සඳහා අවශ්‍ය නිව්යෝර්ක් වෙත වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කර ඇත.

පලස්තීනයට හා ගාසා තීරයට සිදුවන අප්‍රමාණ අසාධාරණයන් හා යුධ අපරාධ පිළිබඳවත් මහා පරිමාණයෙන් අසරණ සිවිල් වැසියන් කාන්තාවන් හා කුඩා දරුවන්ගේ ඝාතන ඇතුලත් ජන සංහාර සමූල ඝාතන පිළිබඳවත් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ලෝකයටම හෙළි කිරීම හා සාධාරණය හා මනුෂ්‍යත්වය ඉල්ලා සිටීම ඔහුගේ අරමුණ බව සමාජ මාධ්‍ය තුළින් ලොව වටා ජනතාව සිය අදහස් දක්වා ඇත.

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි | Us Denies Visa To Palestinian President

ඒ අනුව දෙවන වසර ලෙස මේ වරටත් පලස්තීන ජනාධිපතිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පිවිසීමේ වීසා ඇමරිකාව විසින් අවලංගු කිරීම ජනතාව දැඬි ලෙස හෙළා දැක ඇත. කෙසේ නමුත් ඇමරිකාව විසින් පලස්තීන ජනපතිගේ වීසා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු ලබන සතියේ පැවැත්වෙන ලෝක නායකයින්ගේ වාර්ෂික රැස්වීම වීඩියෝ මාර්ගයෙන් ඇමතීමට අවසර ඉල්ලුවේය.

අදාළ අවසරය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දයක් පැවැත්වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 152 ක් සහ විරුද්ධව ඡන්ද තුනක් ලැබුණු අතර රටවල් හතරක් වැළකී සිටියහ.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කිරීම වලක්වනු ලැබුවහොත්, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතාට සහ අනෙකුත් ඕනෑම ඉහළ පෙළේ පලස්තීන නිලධාරීන්ට ඊළඟ වසර තුළ වීඩියෝ හරහා එක්සත් ජාතීන්ගේ රැස්වීම් හෝ සම්මන්ත්‍රණවලට සහභාගී වීමට ද එය ඉඩ සලසා දී ඇත.

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි | Us Denies Visa To Palestinian President

පලස්තීන විමුක්ති සංවිධානයේ සහ බටහිර ඉවුරේ පිහිටි පලස්තීන අධිකාරියේ සාමාජිකයින්ගෙන් වීසා ප්‍රතික්ෂේප කිරීමට සහ අවලංගු කිරීමට ගත් තීරණය නිසා ජනපති අබ්බාස් සහ තවත් පලස්තීනුවන් 80 දෙනෙකු පමණ පීඩාවට පත්වන බව ඇමරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ පැවැසූ නමුත් ඔවුන්ම මේ වනවිට වීසා තහනම දීර්ඝ කර ඇත.

මෙම පරස්පර විරෝධී හැසිරීම පලස්තීන නායකයින් ප්‍රතික්ෂේප කර හෙළා දුටු බව එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාඩ් මන්සූර් මහා සභාවට පවසා ඇත.

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි | Us Denies Visa To Palestinian President

1947 එක්සත් ජාතීන්ගේ "මූලස්ථාන ගිවිසුම" යටතේ, නිව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීම එක්සත් ජනපදය සතු සාමාන්‍ය වගකීමකි. නමුත් විවිධ හේතූන් ගෙන හැර දක්වමින් ඇමරිකාව මෙම වීසා බලපත්‍ර තහනම සාධාරණිකරණය කිරීමට උත්සහ දරා ඇත.


GalleryGalleryGalleryGalleryGallery