දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

Report

ගුරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත පුද්ගලයින්ට යම් අසාධාරණයක් සිදුවුවහොත්, ඒ පිළිබඳව වහාම තමන්ව දැනුවත් කරන ලෙසත්, අනාගතයේදී පවතින පුරප්පාඩු අනුව දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ මැදිහත්වීම මත, ඊයේ (13) පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෘශ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ...

මෙහිදී ජාතික විභාග සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේදී ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි. දැනට ක්‍රියාත්මක වන ගුරු බඳවා ගැනීමේ විභාගය සම්බන්ධයෙන් අයදුම්කරුවන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති නමුත්, එය පළමු අදියර පමණක් බවත්, පවතින පුරප්පාඩු මත පදනම්ව තවත් පිරිසක් දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන බවත් මෙහිදී සඳහන් විය.

2022 අයවැය නිවේදනයට අනුකූලව ගුරුවරුන් පත් කිරීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත පුද්ගලයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් කරන බවත්, එසේ වුවද යම් අසාධාරණයක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ විනිවිදභාවයෙන් යුතුව සහ සාධාරණව මැදිහත් වීමට තමන් උපරිම උත්සාහයක් ගන්නා බව ද ඇය පැවසුවාය. පාසල් මට්ටමින් සිදු කෙරෙන ජාතික ඇගයීම් ක්‍රියාවලියේදී ආබාධ සහිත දරුවන් ඇගයීම සඳහා ක්‍රමවත් විධිවිධාන සකස් කිරීමට කටයුතු කරමින් පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් ආධාරක ලබා දීමට සහ උපකරණ සංවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු දෘශ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා වේ.

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක් | Harini Promises Second Round Of Teacher Interviews