ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්‍ර. ගම්පහින් අද ඇරඹේ.

Driving Licence
By Wayomi Nov 16, 2022 05:24 AM GMT
Wayomi

Wayomi

Report

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබදීමට තීරණය කරලා තියෙනවා.

ඒ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා.

අද පැවැත්වෙන නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW