රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..
තාවකාලික බලපත්‍ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍රය ලබාදීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, ඉදිරි මාස 03 ඇතුළත එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අවසන් කිරීමට නියමිත බවයි.
මේ වන විටත් දෛනිකව රියදුරු බලපත්‍ර දස දහසක ප්‍රමාණයක් අදාළ රියදුරන් වෙත තැපැල් කරන බවද ඒ මහතා කියා සිටියා.
මෙහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීමේ කටයුතුද ක්‍රමානුකූලව සිදුකරන බවයි.