රස්තියාදු නොවී විනාඩි 5න් ලයිසන් දෙන තැන මෙන්න..

Police Sri Lanka Driving license Compaggaweediya
By Aruna Nov 18, 2021 03:40 AM GMT
Aruna

Aruna

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීම රියැදුරු පුහුණුව නොමැති පුද්ගලයන්ට පවා රුපියල් දොළොස් දහසක් ගෙවා විනාඩි පහක් තුළ රියැදුරු බලපත්‍ර ලබාදුන් කොම්පඤ්ඤවීදියේ රියැදුරු බලපත්‍ර ව්‍යාජව මුද්‍රණය කරන ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.

මෙහිදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සමග ව්‍යාජව මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර 27 ක් හා ඒවා මුද්‍රණයට යොදාගත් උපාංගද අත්අඩංගුවට ගෙන ඇත.

කාලය ඉකුත්වී නැවත මුද්‍රණයට ලබාදුන් රියැදුරු බලපත්‍ර 41 ක්ද මෙහිදී සොයාගෙන ඇත. ජාවාරම්කරුවන් විසින් රියැදුරු බලපත්‍රයේ ඇති චිපය පවා මෙහිදී නියම රියැදුරු බලපත්‍රයක සේ මුද්‍රණය කර ඇත.

මෙම බලපත්‍ර සඳහා අවශ්‍ය විශේෂ ස්ටිකර් පවා චීනයෙන් ගෙන්වා ගෙන ඇතැයි හෙළිවී තිබේ.

රියැදුරු පුහුණුව නොමැති පුද්ගලයන් හා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි පුද්ගලයන්ට පවා කාලයක් තිස්සේ මෙම ස්ථානයෙන් රියැදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි හෙළිවී ඇත.

බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් පැමිණෙන පුද්ගලයන්ට විනාඩි පහෙන් රියැදුරු බලපත්‍ර ලබාදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now