රියදුරු බලපත්‍ර ගන්න අයට අලුත්ම ආරංචියක්..
රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සහතික නිකුත් කිරීම ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා පවසනවා.
මේ වැඩපිළිවෙළ තුළින් වර්ෂයකට දැරීමට සිදුවන රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක අමතර වියදමක් රජයට ඉතිරි කර දිය හැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.
රිය බලපත්‍ර නිකුත් කිරිමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන ශාරිරීක හා මානසික යෝග්‍යතා සහතිකය අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු වනවා.
කෙසේ වෙතත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා විසින්ම එම ආයතනයේ කාර්යාල 26ම සම්බන්ධීකරණය වන අන්දමින් නව ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එකී පද්ධතිය හරහා ඍජුවම ඒ ඒ පුද්ගලයන්ගේ වෛද්‍ය සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පද්ධතියට එක්කළ හැකිය.
වෛද්‍ය සහතික ලබාගන්නා සේවා දායකයන්ට තම සහතිකය කේතාංකයක් මගින් ලබා දෙන අතර එම කේතාංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු තම සේවාව ඉටු වන ආකාරයට මෙම පද්ධතිය සකස් කර ඇත.
ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පද්ධතියද මෙම වැඩපිළිවෙළට අනුගතවන අන්දමින් සකස් කිරීමටද තීරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී.කුසලානි ද සිල්වාගෙන් ප්‍රධාන පුවත්පතකට පවසා ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පද්ධතියද ඩිජිටල්කරණය කිරීම සඳහා සාකච්ඡා සිදුවන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |