ලයිසන් ගන්න ඉන්න අයට අලුත්ම ආරංචියක්..ලක්ෂ 03කට වෙච්ච දේ.
රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමද නතරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසනවා.
ඒ අනුව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට අදාළ පරීක්‍ෂණවලින් සමත්වූවන් ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකට මෙතෙක් රියැදුරු බපලපත්‍ර කාඩ්පත් නිකුත් කර නැතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් මසකට රියැදුරු බලපත්‍ර හැටදහසක් පමණ නිකුත් කරන බවත් 2021 දෙසැම්බර් මස සිට මේ දක්වා අලුතින් රියැදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කර නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්‍ෂ දහයක් මිලදී ගැනීමට ඉල්ලුම්කර ඇතත් එම කාඩ්පත් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නොලැබීම නිසා මෙම ප්‍රමාදය මතුව ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
