රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව හෙළි වෙයි.
Sri Lanka
Driving Licence
By krishani
රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත්කිරීමේ ප්‍රමාදයට හේතුව එම කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය යන්ත්‍රවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම බව සඳහන් වේ.
අවශ්‍ය කාඩ්පත් මුද්‍රණය සදහා නව යන්ත්‍ර 5 ක් ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.
කෙසේවෙතත්, එම දෙපාර්තමේන්තුවේ මේ වන විට මුද්‍රණ යන්ත්‍ර 5ක් පවතින අතර මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණවත් නොවීම සහ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ තාවකාලික රියදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ නිකුත් කර තිබෙනවා.