මොරගහකන්ද ජලාශයේ ජීව පතොරම් 2000කට ආසන්න ප්‍රමාණයක් අදත් හමුවේ

Report

 මොරගහකන්ද ජලාශයේ පතුලෙන් මේ වන විට ජීව පතොරම් 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

ඊයේ (12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තවත් ජීව පතොරම් 1000කට ආසන්න ප්‍රමාණයක් හමුවූ අතර, මෙම පතොරම් අතර T-56 උණ්ඩ සහ ගුවන්යානා නාශක උණ්ඩ ද වූ බව ආරක්ෂක අංශ තහවුරු කළේය.

පසුගියදා ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු විසින් නාඋල පොලිස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාට දුරකථනය ඔස්සේ ලබාදුන් තොරතුරකට අනුව, මොරගහකන්ද ජලාශයේ නැඹුරු මධ්‍යස්ථානයට පහළින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජීව පතොරම් 1100ක් පමණ හමුවිය.

මොරගහකන්ද ජලාශයෙන් හමුවූ දේ මෙන්න

මොරගහකන්ද ජලාශයෙන් හමුවූ දේ මෙන්න

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එස්. යක් වික්‍රමනායක සහ මාතලේ සහකාර පොලිස් අධිකාරි රුක්මාල් තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ, දඹුල්ල, ලග්ගල, විල්ගමුව, මහගවල යටවත්ත සහ නාඋල පොලිස්ථානවල නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සහ ධීවර ප්‍රජාව එක්ව ඊයේ (12) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදී. මෙහිදී රාත්‍රී 9 පමණ වන විට තවත් ජීව පතොරම් 1000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

මෙම ජීව උණ්ඩ හමුවීමත් සමග මොරගහකන්ද ජලාශ ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. 

මොරගහකන්ද ජලාශයේ ජීව පතොරම් 2000කට ආසන්න ප්‍රමාණයක් අදත් හමුවේ | 2 000 Live Rounds Found In Reservoir

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්