තවත් භයානක රෝගයක් - විශේෂයෙන්ම මේ අය ප්‍රවේශම්වන්න
කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට විසින් ගර්භනී මව්වරුන් අතර සම රතුවීම, දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි මතුවීම සහ ඇඟ කැසීමේ තත්ත්වයක් පවතී නම්, වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුව ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ඉල්ලා සිටියි.
ටීනියා රෝගයට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
එසේම ගර්භනී මව්වරුන්ද මෙම පිරිස අතර සැලකිය යුතු මට්ටමකින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඇය කියා සිටියේ කිහිලි, ඉකිලි ආදී ප්‍රදේශයන් ඇතුළු සිරුරම තදබල ආකාරයට කැසීමට ලක්වන්නේ නම්, හිතුමතේට ආලේපන භාවිත නොකරන ලෙසයි.
එසේ ආලේපන භාවිතය රෝගය උත්සන්න කිරීමට හේතු විය හැකි බව ඇය සඳහන් කළා.
එමෙන්ම ගර්භනී මව්වරුන්ට බොහෝ විට මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ නොදුන්නද ටීනියා තත්ත්වය උත්සන්න වී ඇති හෙයින් දැන් මුඛයෙන් ලබා ගන්නා ඖෂධ පවා නිර්දේශ කිරීමට සමේ රෝග විශේෂඥයින්ට සිදුව ඇති බව වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළා.
එසේම අඳාළ රෝගය නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගෙන හිතුමතේට ආලේපනයන් භාවිත කිරීම නිසා උත්සන්න වී ඇති බව සඳහන් කරන්නේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් පමණම මෙසේ ටීනියා රෝගයට ගොදුරු වූවන් බව දක්වමින්.
මේ අතර මෙම රෝගය කුස තුළ සිටින දරුවාට බලපෑම් ඇති කරන්නේ දරුවා ඉපදුණු පසුව නිසා ගර්භනී කාලයේදී නිසි ප්‍රතිකාර ලබාගෙන රෝගය නිට්ටාවට සුව කර ගන්නා මෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.