රටම කතාකළ තෙල්දෙණිය භෞතික චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් ප්‍රා.ස රියදුරෙක් කොටු

Report

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී, ප්‍රධාන සැකකරුට සහාය ලබාදුන් බවට සැක කෙරෙන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් කුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් අද (24) දින මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා සඳහන් කළේය.

පොලිස් පරීක්ෂණ අනුව, ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අත්අඩංගුවට ගත් රියදුරු අතර සමීප මිතුරු සබඳතාවක් පැවති බව අනාවරණය වී ඇත. එමෙන්ම ප්‍රධාන සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව රියදුරා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබුණි. මෙලෙස මරණයට පත්ව තිබුණේ, අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඒ අවස්ථාවේදී ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි. සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහාය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 17 වනද උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත. කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.

එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ. ඉන්පසුව පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.  

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී