මට කාමරේට අරන් ගිහින් ගැහුවා..මගේ තාත්තාගේ වයස නිසා මම ගැහුවෙ නෑ..ඩොක්ටර් අර්ජුනා අකරතැබ්බයක..(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Politician Latest Headlines
By Sewvandhi Dec 03, 2024 05:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය.

ඔහු පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පහතින්..


පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය.

ReeCha