මේ බලන්න මේ බලන්න හරි හුරතල්... රිදියගම දගකාරි ඩෝරා සහ හැඩකාර ලාරාගේ සිංහ පැටව්...(VIDEO)

By Piyumika Dec 07, 2024 09:15 AM GMT
Report

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග.

දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා.. ඩුම් වෙනවා ..පාතාලයේ වැරදුනු කුරුමානම..

දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා.. ඩුම් වෙනවා ..පාතාලයේ වැරදුනු කුරුමානම..

මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි.

ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා විසින් බිහිකළ පැටවියකි. කෙසේ වෙතත් ලාරා සිංහ ධේනුව ඩෝරාට කිරිදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් සත්ත්ව උද්‍යානයේ නිලධාරීට ඇයට කෘතිමව කිරි ලබා දී රැකබලා ගැනීමට සිදුවිය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ නැවත රිමාන්ඩ්...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ නැවත රිමාන්ඩ්...

එහෙත් ඩෝරා ධේනුව, ලාරා මෙන් සිය පැටව්ට කිරි ලබාදීම ප්‍රතික්ෂේප නොකර පැටව් රැකගැනීම විශේෂත්වයක්ය.

මේ වනවිට මෙම සිංහ පැටවුන් 6 දෙනා සෆාරී උද්‍යානය තුළ ඉතා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවන අතර, ඉදිරි සති කිහිපයේදී මහජන ප්‍රදර්ශනය සඳහා වෙනම කලාපයකට මුදාහරින බව ද සෆාරි උදානයේ නිලධාරියෙකු පැවසීය.