හදිසියේම ඔයාගේ ෆෝන් එකේ Volume Button එක වැඩකරේ නැත්නම් අපි කියන මේ ට්‍රික් එක ඔයාට වඩාත් ප්‍රයෝජන වේවි ...(VIDEO)

Smart Phones Mobile Phones
By Parami Dissanayake May 15, 2024 02:36 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 දැන් අපි හැමෝම සුලභව ම use කරන්නේ ස්මාර්ට් ෆෝන් නේහ්. ඒ ෆෝන් වල පවර් බටන් එක වගේම ෆෝන් එකේ සද්දේ අඩු වැඩි කරන බටන් එකත් හරිම වැදගත්.

හැබැයි, මේ බටන්ස් හදිසියේම කැඩිලා ගියොත් හරිම අමරුයි නේද? ඉතින් ,අපි අපේ ෆෝන් එකේ පවර් බටන් එක කැඩිලා ගියොත් එක යුස් කරන්නේ නැතුව ෆෝන් එක ඔන් කරගන්නේ කොහොමද කියලා බැලුවනේ.

අන්න ඒ විදිහට අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ වෝල්යුම් බටන් එක කැඩුණොත්, ෆෝන් එකේ සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. එන්න අපි දැන් ඒ කොහොමද කියලා බලමු.

මේ සඳහා ඔයා ප්ලේ ස්ටෝර් එකට ගිහින් වෝල්යුම් ස්ලයිඩර් කියලා සර්ච් කරලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊටපස්සේ, ඒක install වුනාට පස්සේ එකේ allow options ඉල්ලනවා. එතකොට, ඔයා ඒ allow ඔප්ෂන්ස් ඔක්කොම allow කරගන්න ඕනේ.

ඊටපස්සේ , ඔයාට වෝල්යුම් ස්ලයිඩර් කියලා ඔප්ෂන් එකක් පෙන්නනවා. අන්න එතකොට ඔයා ඒක ඔන් කරගන්න ඕන.

ඊටපස්සේ, නම්බර් ඔෆ් edges කියලා පෙන්වන ඔප්ෂන් එක ක්ලික් කරලා, ඔයාගේ අතට හුරු පැත්තට ඒ දීල තියෙන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාට දකුණුඅත පැත්ත පහසුයි නම් ඔන් රයිට් කියන option එක ක්ලික් කරගන්න ඕනේ. දැන් ඔයාට ඔයා ක්ලික් කරපු සයිඩ් එකෙන් පොඩි arrow එකක් පෙන්නාවි.

දැන් ඒක ක්ලික් කරලා ඔයාගේ ෆෝන් එකේ වෝල්යුම් බටන් එක වැඩකරේ නැත්නම්, මේ දීලා තියෙන මීඩියා කියන ඔප්ෂන් එක ක්ලික් කරොත් ඔයාට එකට ගිහින් ඔයා වෝල්යුම් බටන් එක ඔයාගේ ෆෝන් එකේ සද්දේ අඩු වැඩි කරන්න යූස් කරනවා වගේ just ස්ක්‍රීන් එක යූස් කරලා ඔයාට ඔයාගේ ෆෝන් එකේ sound system එක change කරගන්න පුළුවන්.

ඔන්න ඉතින් ඔයාගේ ෆෝන් එකේ වෝල්යුම් බටන් එක කැඩිලා නම් අනිවාරයෙන් ම මේ කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒ sound ගටලුව විසඳගන්න.

ඉතින්, අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල අපි හිතනවා.

ReeCha