වීසා නොමැතිව පිටුවහල් වුණු ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට..

By Hashini Nov 08, 2023 05:22 AM GMT
Report

වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු අද (08) උදැසන කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා.

ඒ කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන්.

තානාපති කාර්යාලයේ නිලධාරියෙකු සඳහා කළේ තවත් එවැනි දෙදහසකට අධික ගෘහ සේවිකාවන් පිරිසක් කුවේටයේ සිටින අතර ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවතී නඩු ඉවත් කර ගැනීමෙන් සහ දඩ මුදල් අහෝසි කර ගැනීමෙන් අනතුරුවයි.