ඩොල්ෆින් මත්ස්‍යයන් 09 ක් අභිරහස් ලෙස මියගිය කදුලු කතාව මෙන්න.

Sri Lanka Sea Mulathiv Dolphins death
By Aruna Dec 10, 2021 05:33 AM GMT
Aruna

Aruna

Report

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරළට ගොඩගසා තිබූ මියගිය ඩොල්ෆින් මසුන් නව දෙනකුගේ සිරුරු ඉකුත් දින දෙක තුළ සොයාගත් බව උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් වෙලට ගොඩගසා සිටි මිය ගිය ඩෝල්ෆින් මාළුන්ගේ සිරුරු වරිනවර ප්‍රදේශයේ ධීවරයින්ගේ දැනුම් දීම මත සොයාගත් බව එම කාර්යාලය කියයි.

එහිදී මිය ගොස් සිටි අඩි 05 ත් 06ත් අතර දිගැති ඩෝල්ෆින් පිරිමි සතුන් සිරුරු 05 ක්ද අඩි 02 ක් දිගැති කුඩා පිරිමි ඩොල්ෆින් මාළුවකු සහ අඩි 05 ක් දිගැති ගැහැනු සත්වයන් 03 ක් සොයාගත් අතර ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.

එහිදී ඩෝල්ෆින් මාළුන්ගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රසපරික්ෂක වෙතට යාමට පියවර ගෙන ඇති අතර ඩෝල්ෆින් මාලු මිය යාමට නිශ්චිතවම හේතුවක් සඳහන් කිරීමට නොහැකි බවටද වනජීවි නිලධාරීන් පැවසූහ.

මිය ගොස් සිටි ඩෝල්නේ මාළුන්ගේ සිරුවල ප්ලාස්ටික් කැබලි කිහිපයක්ද තිබී සොයාගත් අතරම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා හෝ මාදැලකට හසුවීම නිසා මෙම ඩොල්ෆින් මාලුන් මිය යන්නට ඇති බවට වනජීවි නිලධාරීහු සැක පළ කර සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now