රටින් පිටට ඇද්ද ඩොලර් ගේන හැටි.. ජනපති අනුර ගේමට බහී?. හදිසියේම ජනපති හම්බ වෙන්න ආ කෙනා මෙන්න..

Anura Kumara Dissanayaka United States of America Dollars Latest Headlines AKD
By krishani Dec 07, 2024 11:42 AM GMT
krishani

krishani

Report

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට ද සූදානම් බව ඒ මහතා පැවසීය.

තවද, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකානු රජය සූදානම් බව ද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු අතර ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේ දී ය.

එමෙන්ම, දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත්, නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

කෙසේ වෙතත්, ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත්, නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

You May Like This Video👇 

.

ReeCha