අද ඩොලරයේ මිල ගණන් මෙන්න
අද දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 314 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 308.25 සිට රු. 308.45 දක්වා සහ රු. 313 සිට රු. 313.20 දක්වා ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ ද, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 307.9 සිට රු. 308.15 දක්වා සහ රු. 314.40 සිට රු. 314.65 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 307.57 සිට රු. 307.62 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 314.35 සිට රු. 314.40 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 305.85 සිට රු. 306.10 දක්වා සහ රු. 314.25 සිට රු. 314.50 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 307.75 සිට රු. 308.25 දක්වා සහ රු. 314.25 සිට රු. 314.75 දක්වා ඉහළ ගොස් තිබේ.