මෙරට නව ජනපති අනුර පත්වීමත් සමඟ, වසර දෙකකට පසු සිදු නොවූ දෙයක් ඩොලරයට වෙයි

Central Bank of Sri Lanka Anura Kumara Dissanayaka Economy of Sri Lanka Businessman
By Sewvandhi Sep 23, 2024 11:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇති බවයි.

මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදු වූ විශාලතම පහළ යෑම බවත් බිබ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දෙනවා.

එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණි.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි.

දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%