ඩොලරය පහළට - ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.05ක් ලෙසත්, විකුණුම් මිල රු. 304.71ක් ලෙසත් පහළ ගොස් ඇත.
අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පරීක්ෂා කිරීමේදී, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත ආකාරයෙන් වාර්තා විය.
ලංකා බැංකුව - රු. 297.00 - රු. 304.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 294.83 - රු. 305.01
කොමර්ෂල් බැංකුව - රු. 295.55 - රු. 304.00
සම්පත් බැංකුව - රු. 297.25 - රු. 303.75
අමානා බැංකුව - රු. 298.45 - රු. 304.00