ඊයේ ලෝකෙම බලපු පොහොය සඳට නාසාවෙන් නමක්
අධි වෙසක් පොහොයදා යෙදුණු, එනම් ඊයේ රාත්‍රියේ දිස්වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් (Flower Moon) වශයෙන් නම්කර ඇත.
ඒ අනුව නාසා ආයතනය මඟින් මෙසේ දිස් වූ සඳේ සේයාරුවක් පළකරමින් මේ බව සඳහන් කර ඇත.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසන්ත කාලයේ සිදුවන මල් පිපීම සංකේතවත් කරමින් මෙම නම් කිරීම සිදුකර තිබෙන බවයි.
මේ අතර මැයි 30 වැනිදා දර්ශනය වන පූර්ණ චන්ද්‍රයා මයික්‍රෝ මූන් (Micro Moon) වශයෙන් ද නාසා ආයතනය විසින් නම් කර ඇති බව සඳහන්.
Full moon in bloom 🌕🌸
— NASA Ames (@NASAAmes) May 1, 2026
Look up tonight to see the first full moon of May, the Flower Moon, in the night sky!
Where will you be moongazing from? pic.twitter.com/VnDXc22TUF