මේ පාර වෙසක් එකට මෙහෙම සරසන්න බෑ - වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වෙසක් උත්සවය සැමරීමේදී සුදුසු නොවන සැරසිලි හා අංග ඇතුලත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙන බවයි.
කෙසේ වෙතත් මෙවර වෙසක් පොහොය යෙදී ඇත්තේ එළඹෙන 30 වැනි දිනටයි.
ඒ අනුව ලබන 27 වැනිදා සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වන බව සඳහන්.