ඩොලරය වාර්තාගත ලෙස පහල යයි..අඩුම අගය ඊයේ දිනයේ..රටටම සුබ පණිවුඩයක්..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna May 12, 2023 01:36 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ(11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.66 ක් සහ විකුණුම් මිල රු. 322.70 ක් ලෙසින් සටහන් වී තිබුණා.

මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වනවා.

එසේම 2023 මාර්තු 09 දින රු. 307.36 ක් ලෙසින් ඩොලරයේ ගැනුම් මිල වාර්තා වූ අතර එය හැරුණු කොට 2022 අප්‍රේල් 06 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන අඩුම ගැනුම් මිල ද මෙය වීමද විශේෂත්වයක්.

එසේම ඊයේ දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන් වන්නේ රු. 316.67 ක් ලෙසයි.

මෙය 2022 අප්‍රේල් 20 දිනෙන් පසු වාර්තා වී ඇති අඩුම එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය වනවා.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 වසරේ මැයි 04 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 13.5%කින් පමණ අතිප්‍රමාණය වී ඇති බවයි.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව 15.1%කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 8.6%කින්, යූරෝවලට සාපේක්ෂව 9.1%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 12%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now