අද ඩොලරය එකවරම පහල බසී..හදිසියේම සිදු වූ දේ මෙන්න.

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Apr 03, 2023 07:14 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අධිප්‍රමාණය වී තිබෙනවා.

මහජන බැංකුවේ විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව පවතින අතර එය පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කර ඇති අගයන්ට අනුව අද දිනයේදී ද නොවෙනස්ව පවතිනවා.

මහජන බැංකුව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 316.41ක් වන අතර විකිණුම් මිල රු. 339.19ක් ලෙසයි සටහන් කර ඇත.

මේ අතර කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.76ක් වන අතර විකිණුම් මිල රු. 330ක් ලෙස දක්වා ඇත.

පසුගිය සිකුරාදා කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සටහන් වුයේ රු. 316.41ක් ලෙසත් විකිණුම් මිල රු. 335ක් ලෙසයි.

හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුවේ ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 315ක් වන අතර විකිණුම් මිල රු.330ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම සෙලාන් බංකුවේ ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාත අගය අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.316.00ක් ලෙසත් විකිණුම් මිල රු.336ක් ලෙස සටහන්ව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now