දෙය්යනේ මොකක්ද මේ බල්ලා උස්සන් ආවේ ? මළසිරුරක අතක් නේද

Crime Death Murder Latest Headlines Sinhala news
By Ashfa Jun 24, 2025 09:38 AM GMT
Ashfa

Ashfa

Report

කෑගල්ල දීවෙල, පල්ලේගම ප්‍රදේශයේ දින හතරක සිට අතුරුදන්ව සිටි වයෝවෘද්ධ තිදරු මව නිවෙසින් අතුරුදන්ව සිට ඇති බවත් වයෝවෘද්ධ කාන්තාවගේ දකුණු අතේ වැලමිටෙන් පහළ කොටස බල්ලෙකු විසින් නිවෙසකට රැගෙන ඒමෙන් අතුරුදන්ව සිටි කාන්තාවගේ දේහය පෙරේදා (22දා) සවස සොයා ගත් බව කෑගල්ල අතුරුදන්ව ඇතැයි පොලිසිය පැවැසීය.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

මෙලෙස මිය ගොස් තිබුණේ කෑගල්ල, දීවෙල, පල්ලේගම, අංක 175/1 ලිපිනයේ පදිංචිව සිටි 91 හැරිදි හපන් පේඩිගේ ගුණවති නමැත්ති තිදරු මවකි.

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මරණයට පත්ව ඇති වයෝවෘද්ධ කාන්තාවගේ දියණියන් දෙදෙනා විවාහ වී කෑගල්ල, හිරිවඩුන්න හා අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශවල පදිංචිව සිටින බවත් එකම පුතා සමඟ ඇය නිවෙසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවැසීය.

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

ඉකුත් 18 වැනිදා වයෝවෘද්ධ කාන්තාවගේ පුතා වන ඉලන්දරගේ සරත් ගාමිණී යන අය ගමනක් යන අවස්ථාවක වයෝවෘද්ධ මව සුපුරුදු පරිදි නතර කර යන අසල්වැසි නිවෙසක නතර කර දමා නගරයට ගොස් ඇති බවත් නිවෙසේ කාන්තාව වෙළෙඳසලකට ගිය අවස්ථාවේදී වයෝවෘද්ධ තිදරු මව නිවසින් අතුරුදන්ව සිට ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව වයෝවෘද්ධ කාන්තාවගේ පිරිමි දරුවා වන ඉලන්දරගේ සරත් ගාමිණී යන අය සිය මව අතුරුදන්ව ඇතැයි පවසා එදින රාත්‍රි කෑගල්ල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ලට අනුව පොලිසිය හා අසල්වැසියන් අතුරුදන්ව සිටි වයෝවෘද්ධ කාන්තාව සොයා බලා ඇති අතර කිසිම තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පැවැසීය.

පෙරේදා (22දා) සවස වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටි ගම්මානයේ නිවෙසක ඇති දැඩි කරන බල්ලෙක් ඔවුන්ගේ රබර් රොටි වියළන දුම් මැස්සක් ඇතුළතට දකුණු අතක වැලමිටෙන් පහළ කොටස ගෙනත් දමා තිබියදී නිවෙසේ හිමිකරු අතුරුදන්ව සිටි මවගේ පිරිමි දරුවාට දන්වා ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව ඉලන්දරගේ සරත්ගාමිණී නමැත්තා කෑගල්ල පොලිසියට පැමිණ අතුරුදන්ව සිටි සිය මවගේ විය හැකි බවට සැක කරන දකුණු අතක කොටසක් හමු වී ඇතැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පසුව පොලිස් නිලධාර්න් කණ්ඩායමක් හා ගම්වාසීන් එක්ව ප්‍රදේශය පුරා සිදු කරන ලද සෝදිසියකදී මීටර් 600 පමණ ඈතින් කඳු සහිත කැලෑවක තිබී අතුරුදන්ව සිටි මවගේ දේහය සොයාගෙන තිබිණි.

ඒ වන විට කාන්තාවගේ අත් දෙකම සතුන් විසින් කා දමා තිබුණු අයුරු දක්නට ලැබුණු බවත් පොලිසිය පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය ඊයේ, 23 වැනිදා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි. පසුව කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා දේහය තිබුණු ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරිණි.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය පිරිමි දරුවාට භාර දෙන ලෙසත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිර්පත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කෙරිණි. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 23 වැනිදා සවස කෑගල්ල මහ රෝහලේදී සිදු කිරීමට නියමිතය.

ReeCha