ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන අමලි රඹුක්වැල්ල මහත්මියට ඇවන්ගාඩ් සමාගමේ ගිණුමෙන් මසකට රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (23) ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

ඇවන්ගාඩ් සභාපතිවරයා ඊයේ (23) පෙරවරු 10ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව පස්වරු 2.45 ට පමණ ඉන් පිටව ගිය බව ප්‍රකාශකයෙක් කීය.

රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?

රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම ඒ පිළිබදව විමර්ශන ආරම්භ කර තිබිණි.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන අමලි රඹුක්වැල්ල මහත්මිය ඇවන්ගාඩ් සමාගමේ සේවය කිරීම වෙනුවෙන් චේතන වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 13 බැගින් වසරකට වැඩි කාලයක් මුදල් ගෙවා ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.