කොළඹට විශේෂ දැනුම් දීමක්
හෙට (25) දින කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව පැවැත්වීමට නියමිත බව ප්‍රකාශ කරයි.
එම සමුළුවට බෝරා ආගම අදහන විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි
ඒ අනුව අඳාළ සමුළුව 2025.06.25 වනදා සහ 2025.06.27 සිට 2025.07.05 දක්වා පැවැත්වෙන බව පවසයි.
එනිසා පොලීසිය දැනුම් දෙන්නේ ඉහත දිනවල උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 වන තුරු මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බවයි.
එසේම 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින තෙක් උදෑසන 07:00 සිට උදෑසන 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 වන තෙක් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙන බව ද සඳහන් කර ඇත.
මේ අතර පොලීසිය සඳහන් කරන්නේ අඳාළ දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය ඔස්සේ කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය ඔස්සේ වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරන බවයි.
තවද ඔවුන් කියා සිටියේ බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට ක්‍රියා කරන බවයි.
ඊට අමතරව බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ ප්‍රදේශයට වාහන ඇතුල් කළ හැක්කේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණක් ලෙස සීමා කරන ද බව ද සඳහන්.
