වැටලීමකට ගිය පොලිසියට කාන්තාවක් බල්ලෝ 8ක් උසි ගන්නලා - 4ක් රෝහලට

Report

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගේ නිවසක් වැටලීමට ගිය අවස්ථාවේදී එම ජාවාරම්කරුගේ බිරිඳ බව කියන කාන්තාවක් පොලිස් නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දීමට තැත් කරමින් නිවසේ ඇති කරන දරුණු සුනඛයන් 8 දෙනෙකු පොලිස් නිලධාරීන් දෙසට උසිගන්වා සපා කෑමට ලක් කිරීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනකු බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

සුනඛ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නිලධාරීන් සිව් දෙනාගෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතා සහ පොලිස් කොස්තාපල් අංක 96625 දරන මනෝජ් යන නිලධාරීන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීමෙන් එම ස්ථානයේ සිටි පොලිස් පරීක්ෂක සුදීර සහ පොලිස් කොස්තාපල් අංක 83935 දරන ක්‍රිෂාන්ත යන නිලධාරීන් දෙදෙනා ද සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ මත්පැන් ජාවාරම්කරුගේ නිවසේ තිබී නීති විරෝධී මත්පැන් මිලිලිටර් 1000 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ද රාජකාරියට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට එරෙහිව සාපරාධී බලහත්කාරය පෑම සහ සුනඛයන් ලවා සපා කෑමට සැලැස්වීමේ බරපතළ වරදට ඔහුගේ බිරිඳ ද පොලිසිය විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිසිය සහ අඟුරුවාතොට පොලිසිය එක්ව මෙම අභාග්‍යසම්පන්න සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ඉතාමත් තදින් ක්‍රියාත්මක කරයි.

යුධ හමුදා සෙබළුන්ට රජයෙන් අලුත් රාජකාරියක් පවරයි - පළමුවෙන් 60 දෙනෙකු පුහුණුවට

යුධ හමුදා සෙබළුන්ට රජයෙන් අලුත් රාජකාරියක් පවරයි - පළමුවෙන් 60 දෙනෙකු පුහුණුවට

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්