ලොරියක් පුරවලා බල්ලෝ ගෙනත් පාරේ දාල යන සංවේදී සිදුවීමක්..ලොක්කෙකුගේ බලුවැඩක්ලු.(VIDEO)

Sri Lanka
By Aruna Sep 01, 2022 07:18 AM GMT
Aruna

Aruna

Report

කර්මාන්ත ශාලාවේ ලොකු තැනගේ නියෝගෙන් කළ බලු වැඩේ සුනඛයන් විශාල පිරිසක් කුඩා ලොරියක දමාගෙන තැන තැන දමා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ දී බණ්ඩාරගම වෑවිට මස්විල පාරෙදි ප්‍රදේශවාසීන් විසින් අල්ලා බණ්ඩාරගම පොලිසියට භාර දී තිබේ.

බණ්ඩාරගම ගොරොක් ගස් හන්දිය ප්‍රදේශයේ දී සැකකරුවන් ලොරිය නවතා සුනඛයකු එළියට දමන අයුරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක වහා ක්‍රියාත්මක සුනඛයා අතට ගෙන ලොරිය පිටුපසින් ගොස් මස්විල මාර්ගයේදී ලොරියට ඉස්සර කර නවතා ප්‍රදේශ වාසීන් දැනුවත් කර මෙම පුද්ගලයන් දෙදෙනා අල්ලා ගෙන තිබූ බව පොලිසිය පවසයි.

අනතුරුව ලොරියේ පිටුපස දොරවල් විවෘත කර පරික්ෂා කිරීමේදී කුඩා සුනඛයන් 15 කට ආසන්න සංඛ්‍යාවක් ඒ තුළ සිටිනු දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් පැවසූහ.

එම සතුන් අතර මීට දින කීපයකදී ඉපදුන සුනඛයන් පස් දෙනකු ද වේ.

නමුත් එම සුනඛයන්ගේ සුනඛ (මව) බැල්ලිය නොසිටි බවත් මෙම පුද්ගලයන් එම බැල්ලිය මහමග දමා එන්නට ඇති බවට සැක කරන බව ඔහු කීය.

සැකකාර පුද්ගලයන් දෙදෙනා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පරගස්තොට කර්මාන්තශාලාවක සිට මෙම සුනඛයන් රැගෙන ආ බවත් ඉහළ නිලධාරීයෙකුගේ උපදෙස් මත තැන තැන දමා යන බවත් ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ සහ පානදුර පදිංචිකරුවන් වේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now