වෛද්‍ය වැඩ වර්ජනය ගැන ගත් අවසන් තීරණය..

By Sewvandhi Dec 24, 2021 11:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. එම සංගමයේ වෛද්යව සමන්ත ආනන්ද මහතා පැවසුවේ අද (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම තීරණයගත් බවය. 

 වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුකරණ බව පවසමින් ඊට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දිනයේ සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩවර්ජනය අවසන් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වා ඇති බව වාර්තා විය. වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද දිනයේද රෝගීන් දුෂ්කරතාවට පත්වුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now