ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැති සබයෙන් හැලෙයි?. අද පාර්ලිමේන්තුවේ දී වුණ.. පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)
පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කිරීමේ දී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම ඉදිරියෙන් ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීය නාමයන් භාවිතා වේ.
එම තනතුරු ඉවත් කර ආමන්ත්‍රණය කළ යුතු බවට යෝජනාවක් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඒ සර්වජන බලයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ය.
නව කතානායකවරයා තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට සුබ පැතීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙම යෝජනාව සිදු කරනු ලැබීය.
වීඩියෝ දර්ශන පහතින්,
.