රෝගියාට සිහිය නැති කරලා වෛද්‍යවරයා හෙදිය සමඟ ලිංගිකව හැසිරුණාට නඩු

Report

රෝගියෙක් නිර්වින්දනය කර සිටියදී, ශල්‍යාගාරයෙන් ඉවත්ව ගොස් හෙදියක් සමග ලිංගිකව හැසිරීම පිළිබඳව වෛද්‍යවරයකුට චෝදනා එල්ල වී ඇත.

ඒ අවුරුදු 44ක් වන වෛද්‍ය සුහයිල් අන්ජුම් සහ අනෙකුත් හෙදියක් එක්ව, මැන්චෙස්ටර්හි ටේම්සයිඩ් රෝහලේදී මෙසේ අයුතු ආකාරයට හැසිරෙමින් සිටියදී තවත් සගයකුට හසු වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පහුගිය 2023 සැප්තැම්බර් මාසයේදී සිදු වූ අඳාළ සිදුවීම සම්බන්ධයෙන් මෑතකදී පාකිස්ථානයේ සිට එක්සත් රාජධානියේ ‍යළි සේවයට අයදුම් කළ වෛද්‍ය අන්ජුම් පිළිබඳව යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වෙන විටදී මෙම කරුණු අනාවරණය වී ඇත.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

එහිදී වෛද්‍යවරයා විසින් මෙම කරුණු විවාදයට ලක් නොකර තම සිය හැසිරීම 'ලැජ්ජා සහගත' බව ඔහු විසින් පිළිගෙන ඇති බව සඳහන්.

එසේම අවස්ථා පහකදී නිර්වින්දන කටයුතු භාරව සිටි වෛද්‍ය අන්ජුම්, තුන්වන අවස්ථාවේදී "විවේකයක්" අවශ්‍ය බව පවසා, අනෙක් හෙදියකගෙන් රෝගියාව නිරීක්ෂණය කරන ලෙස ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

ඉන්පසු මෙම වෛද්‍යවරයා වෙනත් ශල්‍යාගාරයකට ගොස් අදාළ හෙදිය හා ලිංගිකව හැසිරී ඇති බව සඳහන්.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

එහිදී වෛද්‍ය අන්ජුම් යළි පැමිණෙන විට මිනිත්තු අටක් පමණ ගත වී තිබූ අතර, අනතුරුව ඔහු තම කාර්යයන් සාමාන්‍ය පරිදි අවසන් කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු නොසිටි කාලය තුළ රෝගියාට කිසිදු හානියක් සිදු නොවූ බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සොයාගත් හෙදිය තම කළමනාකරුට වාර්තා කර ඇති අතර, වෛද්‍ය අන්ජුම් මෙම සිදුවීමේ කරුණු සම්බන්ධයෙන් විවාද නොකරන බවත්, හෙදිය සමග ලිංගික ක්‍රියාවක නිරත වූ බවත් පිළිගෙන ඇති බව පවසයි.

ඒ අනුව මේ වන විට වෛද්‍ය විනිශ්චය සභාව ඉදිරියේ පවතින මෙම නඩුව පිළිබඳව, වෛද්‍ය අන්ජුම්ට විරුද්ධව බරපතළ චෝදනා එල්ල වී ඇති අතර, ඔහුට තම වෛද්‍ය බලපත්‍රය අහිමි වීමට පවා ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න