“ලව්” කරන්න අවසර ඕනද? - ප්‍රේම සම්බන්ධතා ඉල්ලුම් පත්‍රය ගැන පොලිස් ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්.
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka
By Wayomi
සමාජ මාධ්‍ය ජාලා වල පළවන ප්‍රේම සම්බන්ධතා ඉල්ලුම් පත්‍රය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව ඔහු ප්‍රකාශ කර සිටින්නේ, ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් නොමැති බවත්, ඒ සඳහා පොලීසියෙන් අවසර ගත යුතු බවට පළ වන තොරතුරු අසත්‍ය බවත්ය.
පසුගියදා හෝමාගම පෝලීසියේ හැසිරීම අනුව එම පොලිසියේ පොලිස් නිලධාරීන්ගේ අදහස් අනුව එවැනි අවසර පත්‍රයක් අවශ්‍ය බවට හැගීගිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වීම වරදක් ලෙස පෙන්වීමට ඔවුන් උත්සහ දැරුවා.
මෙම සිදුවීමත් සමඟ එලෙස ව්‍යාජ ඉල්ලුම් පත්‍රයක් සමජය මාධ්‍ය තුළ සංසරණය වුණා.
