‘‘දිට්වා‘‘ ආධාර ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත්, මෙන්න තවත් ප්‍රශ්නයක්

Report

මෙරට පැවති අයහපත් කාලගුණය නිසා මතු වූ ආපදා තත්වයන්ගෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් පැනපු බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබේ.

  ඒ වගේම මේවා පුත්තලම සිමෙන්ති කම්හලට යවා පිළිස්සීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් සදහන් කළේ මෙම බෙහෙත් කල්පැනපු බාල ඒවා බව මූලික නිරීක්ෂණවලදී තහවුරු වීමෙන් පසු මෙසේ ඉවත් කෙරුණු බවයි .

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

ඒ වගේම අමාත්‍යංශය    ප්‍රකාශ   කළේ පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම බෙහෙත් වර්ග ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණාගාරයට යවා පරීක්ෂා කෙරෙන බව   වේ.

තවද රෝහල්වලට එම බෙහෙත් වර්ග යවන්නේ එම පරීක්ෂණවලින් පාවිච්චියට සුදුසු බවට තහවුරැ කර ගැනීමෙන් පසුව බව අමාත්‍යාංශය සදහන් කර තිබේ.

පාරිභෝගික අධිකාරියේ ගැටළුවක්

පාරිභෝගික අධිකාරියේ ගැටළුවක්