අරක්කු කාලේ බෝතලය තහනම්..? විශේෂ තීරණයක්

sri lanka Alchohol disision
By Sithumi Nov 21, 2021 02:20 PM GMT
Sithumi

Sithumi

Report

මිලිලීටර් 180ක ධාරිතාවයෙන් යුත් මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සෑම අවස්ථාවකදී එම ප්‍රමාණයේ මත්පැන් බෝතල් භාවිතයෙන් පසුව පරිසරයට මුදාහරින බවය. එබැවින් සිදුවන පරිසර විනාශය වැළැක්වීම සඳහා මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා පැවසීය. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, "මිලිලීටර් 180 නැතහොත් අරක්කු කාලේ බෝතල් විශාල පාරසරික ගැටලුවක් වී තිබෙනවා. මේවා පාචිච්චි කරන අය ඒවා බැහැර කරන්නේ පරිසරයට. සමහර බෝතල් එකතු කරන අයවත් මේවා එකතු කරන්නේ නැහැ. 

ඒ වගේම නිෂ්පාදන සමාගම්වත් කාලේ බෝතල් එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නෑ. මම පරිසර අමාත්‍යවරයා ලෙස පත්වුණාට පසුව, කාලේ බෝතල් තහනම් කරන ලෙස විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ඉදිරිපත් වුණා. විශේෂයෙන් පරිසර සංවිධානවලින්. ඒ වගේම ගොවියන්ගෙන්. 

සමහරු මේ කාලේ අරක්කු බීලා හිස් බෝතලේ කුඩුකරලා කුඹුරුවලට විසි කරනවා. කුඹුරු වැඩකරන ගොවීන්ගේ කකුල් විඳුරු කටුවලට කැපිලා සමරවිට මාස ගණන් ප්‍රතිකාර පවාගන්න සිදුවෙනවා. ඒ නිසා මම කාලේ බෝතල් තහනම් කිරීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. 

නමුත් කිසිදු ආයතනයකින් මට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් දැන් මේ සම්බන්ධව ආයතන රැසක අවධානය යොමුව තිබෙනවා. ඒ නිසා මිලිලීටර් 180 බෝතල් තහනම් කිරීම ක්‍රියාත්මක කිරීමට මම අවශ්‍ය පියවර ගන්නවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now