කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පණිවිඩයක්
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා පවසන්නේ මෙරට ආපදාවකදී කෘෂිකර්මාන්තය සදහා ලබා දෙන වැඩිම සහනාධාරය ලබා දී තිබෙන අතර ගොවි ජනතාව හැකි ඉක්මණින් වගා කටයුතු ආරම්භ කරන ලෙසයි.
ගොවිජන මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ(08) දින ඔහු මේ සදහන් කර තිබේ . මෙතෙක් ආපදාවකදී කෘෂිකර්මාන්තයට කිසිදු කලක මෙවැනි සහනාධාරයක් ලබා දී නොමැති බව එතුමා සදහන් කරන ලදි.
ඒ වගේම කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය සහාය රජය ලබා දෙන බැවින් , එළඹෙන දෙසැම්බර් මස 20 වැනි දින වනවිට නැවත වගා කටයතු සඳහා එක්වන්නැයි ගොවිජනතාවගෙන් එතුමා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද ඒ මහතා සදහන් කළේ වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ හිඟයක් නොමැති බවත් හෙක්ටයාර 60,000ක පමණ ප්‍රමාණයක් සඳහා බීජ වී රජය සහ පෞද්ගලික ආයතන සතුව පවතින බවයි.
ඒ වගේම හැකිනම් කෙටි කාලීන වී වර්ග සඳහා යොමු වන ලෙසත් ඒ වගේම වෙළඳපොළේ කීරි සම්බා සහ සම්බා සහල්වල හිඟයක් පවතින බැවින් නැවත වගා කිරීමේදී එම වර්ග වගා කිරීම සඳහා වැඩි අවධානයක් ලබාදෙන ලෙසත් වික්‍රමාරච්චි මහතා ඉල්ලා සිටියේය.
ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ ගොවි ජනතාව සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් බවයි.