සහනාධාර නැතිවෙයිද? ග්‍රාම නිලධාරීන්ට ලොකු ප්‍රශ්ණයක්
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් ආපදාවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ ක්‍රියාවලියට රජයේ දේශපාලන නියෝජිතයින් බලපෑම් සිදුකරන බවට චෝදනා කර ඇත.
ඊයේ (08) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන්ට දේශපාලකයින් බලපෑම් සිදුකර ඇති බව ඔවුන් සදහන් කර ඇත.
ඒ අනුව ආපදාවෙන් පීඩාවට පත්වූවන් සඳහා ලබාදෙන විදේශ ආධාර නිසි ලෙස ජනතාවට ලැබීම සම්බන්ධයෙන් සොයාබැලීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇත.