දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද ගොඩගනී..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 25, 2023 02:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (25) දිනයේ හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට නියමිතව තිබේ .

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී ඇති අතර එය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමට නියමිත බවපොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now

  

ReeCha