අපේ සිංහයන්ට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්..

Dinesh Gunawardena Prime minister
By krishani Sep 12, 2022 03:45 AM GMT
krishani

krishani

Report

ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් එක්කර ඇත.

එම සුබ පැතුම පහතින්,

“ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒ ප්‍රධාන ක්‍රීඩා ඉසව් දෙකක ආසියානු කුසලාන ශ්‍රී ලංකාව සතු කර ගනිමිනි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා දී එම ජයග්‍රහණය වාර්තා කළේ මාතෘ භූමියට ඉමහත් කීර්තියක් ගෙන දෙමිනි. පළමු තරඟය පරාජයේ අත්දැකීම් ගෙන ඉන්පසු සියලු තරග ජයගත්තේ ඔවුන් සතු වූ දැඩි අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය බව මාගේ හැඟීමයි. ඒ සඳහා වූ කණ්ඩායම් හැඟීම, එකමුතුකම, කැපවීම මෙම විශිෂ්ට ජයග්‍රහණය මාතෘ භූමියට අත්කර දී ඇත.

ඕනෑම දුෂ්කර අවදියක් සංයමයෙන් පසුකර පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සැමදා හැකිය. මෙම ජයග්‍රහණය මාතෘභූමියට අත්කරදුන් ක්‍රීඩකයින්ට සුභාෂිංසන එක් කරමින්, ඒ සඳහා වූ අවශ්‍ය ශක්තිය හා මගපෙන්වීම ලබාදුන් පුහුණුකරුවන්ට,කළමනාකාරීත්වයට හා පරිපාලනයට ස්තුතිය පළ කරමි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



ReeCha