කථානායක ජගත්ට විරුද්ධව දිනේෂ් CIDයට යයි

Report

පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට විරුද්ධව නව ජනතා පෙරමුණ මඟින් අද (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම පැමිණිල්ල භාරදෙනු ලැබුවේ නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා විසින් බව සඳහන්.

ඔහු පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙන බව වාර්තා වන බවයි.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එහෙත් ආයතන සංග්‍රහය අනුව උපලේඛනගත නිල නිවසක් වන බැවින් කථානායක නිල නිවස වෙනත් කටයුත්තකට යෙදවිය නොහැකි බවත් දිනේෂ් අබේකෝන් පවසයි.

එමෙන්ම කථානායක නිල නිවස වෙනත් කටයුත්තකට යොදවනවා නම් ඒ වෙනුවෙන් කැබිනට් අනුමැතියක් අවශ්‍ය බවත්, එහෙත් කැබිනට් අනුමැතියක් ලබා නොගෙන ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවත්, එවැනි අනුමැතියක් ලබාදීමට උපදේශක කාරක සභාවට බලයක් නොමැති බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව සඳහන්.

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

ඒ අනුව මෙය රාජ්‍ය දේපළ අවභාවිතාවක් වන හෙයින් මේ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද නාගරික මන්ත්‍රීවරයා පැවසුවා.

මේ අතර ඉකුත් දා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් නීතිවිරෝධි ලෙස තීරුබදු රහිත සාප්පුවලින් ලබාගත් විස්කි බෝතල් සම්බන්ධයෙන් ද CCTV දර්ශන හරහා පරීක්ෂා කර නිසි නීතිමය පියවර ගන්නා ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න