ලෝකෙම ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදහන් වූ ඔස්කාර් සම්මානය සොයා ගයි

Report

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් රුසියානු ජාතික පාවෙල් තලන්කින්ගේ (Pavel Talankin) ඔස්කාර් සම්මානය නිව්යෝර්ක් ගුවන් තොටුපොළකදී අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව එහිදී, තලන්කින් සිය 'Mr Nobody Against Putin' වාර්තා චිත්‍රපටයට ලැබුණු ඔස්කාර් රන් සම්මානය සිය අත් බෑගයේ (Carry-on bag) තබාගෙන නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ජර්මනිය බලා යාමට පැමිණ ඇති බව සඳහන්.

එහෙත් එහිදී ආරක්ෂක අංශ (TSA) සඳහන් කර ඇත්තේ මෙම සම්මානය ආයුධයක් ආකාරයට භාවිත කළ හැකි බැවින් එය අත් බෑගයේ රැගෙන යා නොහැකි බවයි.

ලබන සතියෙ ඉඳන් ට්‍රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්‍රම්ප්

ලබන සතියෙ ඉඳන් ට්‍රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්‍රම්ප්

පසුව ඔහු සතුව වෙනත් ගමන් මලු (Checked bag) නොතිබූ බැවින්, ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සමාගමේ නිලධාරීන් මැදිහත් වී සම්මානය පෙට්ටියක බහා වෙනම ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේ වුවද ඔහු ජර්මනියට ළඟා වන විට එම සම්මානය අතුරුදන් වී තිබූ බව තලන්කින් ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ලුෆ්තන්සා ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව තමන් කණගාටු වන බවත්, සම්මානය සොයා ගැනීම සඳහා පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ය.

මේ අතර මෙම වාර්තා චිත්‍රපටයේ විධායක නිෂ්පාදක රොබින් හෙස්මන් කියා ඇත්තේ, තලන්කින් මීට පෙර කිහිප වතාවක්ම සිය ඔස්කාර් සහ බාෆ්ටා (BAFTA) සම්මාන අත් බෑගයේ තබාගෙන ගමන් කර ඇති බවත්, මෙවැනි ගැටලුවකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය බවත් ය.

ඉරානය කිසිම දවසක සාම ගිවිසුමකට එන් නැති වෙයිද? ලෝකෙම බලාපොරොත්තුත් එක්ක ට්‍රම්ප්ගේ විශ්වාසයත් බිඳ වැටෙයි

ඉරානය කිසිම දවසක සාම ගිවිසුමකට එන් නැති වෙයිද? ලෝකෙම බලාපොරොත්තුත් එක්ක ට්‍රම්ප්ගේ විශ්වාසයත් බිඳ වැටෙයි

කෙසේ වෙතත් පාවෙල් තලන්කින් විසින් අධ්‍යක්ෂණය කරන ලද අඳාළ වාර්තා චිත්‍රපටයෙන් රුසියානු පාසල් පද්ධතිය තුළ යුද ප්‍රචාරණය ව්‍යාප්ත වන ආකාරය නිරූපණය කර ඇති බැවින්, රුසියාව තුළ මෙම චිත්‍රපටය තහනම් කර ඇති අතර, තලන්කින් මේ වන විට රුසියාවෙන් පිටුවහල් වී යුරෝපයේ ජීවත් වේ.

එසේම අඟල් 13.5ක් උසින් යුත් ඔස්කාර් සම්මානයක් කිලෝග්‍රෑම් 3.9ක පමණ බරකින් යුක්ත වන අතර, එය නිර්මාණය කිරීම සඳහා ඩොලර් 400ත් 1,000ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයට? දේශපාලනයම උඩුයටිකුරු වෙයි - තමිල්නාඩුවම හෙල්ලෙන අනාවරණයක් මෙන්න

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයට? දේශපාලනයම උඩුයටිකුරු වෙයි - තමිල්නාඩුවම හෙල්ලෙන අනාවරණයක් මෙන්න